Home » දමා ගිය ගමන්මලු වැව රවුමේ ජෝයි බෝට්ටු සේවය අසලින් ලබාගන්න

දමා ගිය ගමන්මලු වැව රවුමේ ජෝයි බෝට්ටු සේවය අසලින් ලබාගන්න

by sachintha
April 29, 2025 1:36 am 0 comment

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන් නැවත ලබා නොගෙන අත්හැර ගිය ගමන්මලු අද (29) මහනුවර වැව රවුමේ ජෝයි බෝට්ටු සේවය ක්‍රියාත්මක වන ස්ථානය ඉදිරිපිටදී ලබා ගැනීමට හැකි බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පුරා දින දහයක් පැවති සිරි දළදා වන්දනාවට පැමිණි සැදැහැවතුන්ගේ ගමන් මලු තමන් භාරයේ තබාගෙන වන්දනාවෙන් පසු නැවත ඒවා හිමිකරුවන්ට භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. අතිවිශාල පිරිසක් මෙම උතුම් අවස්ථාව සඳහා පැමිණීම හේතුවෙන් ඇතැම් පිරිස් තමන් ගමන් ගත් පෝලිම්වලම ගමන් මලු දමා ගොස් තිබූ අතර, තවත් පිරිසක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් ගමන් මලු නැවත ලබා ගෙන නොමැත.

එලෙස එකතු වූ ගමන් මලු දහස් ගණනක් මේ වන විට ආරක්ෂිතව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබෙන අතර ඒවා ජෝයි බෝට්ටු සේවය ආසන්නයේ ඇති කුටියෙන් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

අනන්‍යතාව තහවුරුකොට මෙම ගමන්මලු ලබා ගන්නා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මේ පිළිබඳ විස්තර 0715803000 / 0775311797 / 0710965890 දුරකතන අංක ඔස්සේ විමසා බැලීමට පුළුවන.

ජනතාව ගමන් මලු භාර නොගතහොත් හෙට දිනයේ සිට එම ගමන් මලු මහනුවර නගර සභාවට භාර දෙන බව ද පවසයි.

අසේල කුරුළුවංශ හා නයනතාරා ලියනාරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT