Home » මාධ්‍යවේදී කෝකිල සමීර අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදී කෝකිල සමීර අභාවප්‍රාප්ත වෙයි

by sachintha
April 29, 2025 1:01 am 0 comment

මහනුවර ප්‍රාදේශීය මාධ්‍යවේදී කෝකිල සමීර මහතා අභාවප්‍රාප්ත විය. දෙදරු පියකු වූ ඒ මහතා මියයන විට 53 වැනි වියේ පසුවිය. රිය අනතුරකට ලක්ව මහනුවර ජාතික රෝහලේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී කෝකිල සමීර මහතා පෙරේදා (27) මියගොස් තිබෙන අතර දේහය මහජන ගෞරවය සඳහා අංක 87/1, පිච්චමල්වත්ත, ගුරුදෙණිය නිවසේ තැන්පත් කර තිබේ. මව්බිම පුවත්පතේ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ වාර්තාකරුවකු ලෙස වසර 15 ක පමණ කාලයක් සේවය කළ ඒ මහතාගේ අවසන් කටයුතු අද (29) පස්වරු 2.30ට අම්පිටිය මැද්දේපතන පොදු සුසානභූමියේ දී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT