ඩුබායි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 234ක් , නීතිවිරෝධී ලෙස, රැගත් ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් 05 දෙනකු ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් සියලුම දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසකි. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත විස්කි සහ වොඩ්කා බෝතල් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට මෙම ව්‍යාපාරිකයන් පිරිස අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
කටුනායක – ටී.කේ.ජී. කපිල