රුපියල් ලක්ෂ 50කට අධික වටිනා රන්මාල කොල්ලකෑම් 12ක් කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
බණ්ඩාරගම – කිඳෙල්පිටිය කහටවෙල පොලිස් මාර්ග බාධකයේදී යතුරු පැදියකින් යමින් සිටියදී නවතා කළ පරීක්ෂාවේදී හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 6230ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව දින 7 කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන කළ ප්‍රශ්න කිරීමේදී සපුගස්කන්ද, මීගහවත්ත, කැලණිය, බණ්ඩාරගම හා දොම්පෙ පොලිස් වසම් පහ තුළ ඉකුත් මාස කිහිපය තුළ සිදු කළ කොල්ලකෑම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව පොලීසිය කියයි.
එම සැකකරු විසින් කොල්ලකනු ලැබූ රන්මාල, කඩුවෙල ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානවලට උකස් තබා තිබියදී සොයාගත් බව ද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙයියන්තුඩුව, මාබිම පදිංචි 36 හැවිරිදි අයකු වන අතර, අධික ලෙස හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහිවූවකු බවද පොලීසිය සඳහන් කරයි..
බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් ජයලාල්, පොලිස් සැරයන් (36660) නාරංගොඩ, (64407) අමරනාත්, පොලිස් කොස්තාපල්වරුන් වන (101393) මැදවල, (78898) ලියනගේ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ