Home » එක්කෝටි විසිපන් ලක්ෂයක විදේශීය දුම්වැටි ගුවනින් ගෙනත්

එක්කෝටි විසිපන් ලක්ෂයක විදේශීය දුම්වැටි ගුවනින් ගෙනත්

by sachintha
April 29, 2025 1:42 am 0 comment

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතළිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකේය ගුවන් මගියකු ඊයේ (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

සැකකරු ඊයේ (28) උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන එනු ලැබූ ගමන් මලු 08ක විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර් ‘ සහ ’ ප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 83,600ක් අඩංගු දුම්වැටි කාටූන් 418ක් සඟවා ගෙන තිබී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

කටුනායක – ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT