බදුල්ල දිස්ත්‍රික්කයට පෙරේදා (27) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකදී පස්කඳු , දුරකතන රැහැන් මාර්ග කඩාගෙන ගොස් හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වර්ෂාවත් සමඟ හාලිඇළ වක්කුඹුර විදුහල් මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් මාර්ගය සහ ඇළ මාර්ගය අවහිර වී ගිය අතර, හාලිඇළ නෙලුදණ්ඩ – ඉලුක්තැන්න මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් නායයාමට ලක්ව තිබේ. එම මාර්ගයේ සපත්තු පාලම ද ජල පහරට හසුව කැඩීයාමේ අවදානමක ඇතයි ගම්වාසීහු කීහ.
වර්ෂාවත් සමඟ බදුල්ල – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මොරේතොට පාලම අසල දී ජලය සමඟ රොන්මඩ ප්‍රධාන මාර්ගයට ගලාඒමෙන් මාර්ගය මඩගොඩක් බවට පත්වී රථවාහන ධාවනයට ද බාධා සිදුව තිබිණ. හාලිඇළ, කොට්ටගස්මංඩිය, අලුබෝගොල්ල ගම්මානයේ විදුලි රැහැන් සහිත කනුවක් කඩාවැටීමේ දැඩි අවදානමක ඇති බවත්, වර්ෂාවත් සමඟ වැලිමඩ බොරලන්ද මාර්ගයේ දුරකතන රැහැන් කනුවක් කඩා වැටී මාර්ගයේ රථවාහන ධාවනයට බාධා සිදුව තිබූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මෙම ආපදාවන් යළි යථා තත්ත්වයට පත්කිරීමට අදාළ අංශ කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
සොරණාතොට සමූහ – සී. ගමගේ