Home » කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
චීන කුණු පොහොර නැවේ සිද්ධිය:

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්

by sachintha
April 29, 2025 1:20 am 0 comment

රජයට අමෙරිකානු ඩොලර් මිලියන හයයි දශම නවයක (6.09) පාඩුවක් සිදු කරමින් මීට වසර හතරකට පෙර (2021) චීනයේ සමාගමකින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු ලබන මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (28) නියෝග කළාය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන මහේෂ් ගම්මන්පිල නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර හිටපු අතිරේක ලේකම්වරයා විසින් කර ඇති එම ක්‍රියාව දූෂණය නමැති වරදට ගැනෙන බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු අධිකරණයට කරන ලද ඉල්ලීමකින් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

චීනයේ Qingdao Seawin Biotech නමැති සමාගමේ පළමු පොහොර තොගයෙන් සියයට 75ට එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට සිදු වීමෙන් රජයට අයුතුසහගත පාඩුවක් සැකකාර පුද්ගලයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටිමින් කියා සිටියේ,

Ò ස්වාමීනි, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලවකවානුව තුළ මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ, එම කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව හිටපු ලේකම්වරයා එසේ ක්‍රියාකර තිබෙනවාÓ යනුවෙනි.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව තම සේවාදායකයා එම කටයුත්ත සිදු කර ඇති බැවින් ඔහු වරදකරුවකු නොවන බව සැකකාර පුද්ගලයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු තවදුරටත් අධිකරණය හමුවේ පැවසූහ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු හා සැකකාර හිටපු අතිරේක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT