Friday, May 2, 2025
Home » ජාතික ලොතරැයි මණ්ඩලයේ බඩු සාවද්‍ය පරිහරණය: තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්නැයි නියෝග

ජාතික ලොතරැයි මණ්ඩලයේ බඩු සාවද්‍ය පරිහරණය: තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්නැයි නියෝග

by sachintha
April 29, 2025 12:30 am 0 comment

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017-2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478307.03ක් වටිනා අයි ෆෝන් දුරකතනයක් හා අයි පෑඩයක් හා චාජරයක් මෙන්ම ඇපල් මැක්බුක් පරිගණකයක් සහ එහි චාජරය සාපරාධී සාවද්‍ය පරිහරණය සිදුකළැයි කරන විමර්ශනයකට අදාළව කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට අනුවය.

කොටුව පොලීසිය විසින් මෝසම ගොනු කරමින් පසුගියදා සැකකරුට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ නියෝගය සිදු කර ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි පාලන විසින් 2024 ඔක්තෝබර් මස 21 වැනිදා කොටුව පොලීසියට කළ පැමිණිල්ලක් ප්‍රකාරව විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

2019.11.19 දින සැකකරු සේවයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මේ භාණ්ඩ භාර දී නොමැති බවට පැමිණිල්ල ලැබී ඇත.2024.11.01 දා සැකකරු කොටුව පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඉහත භාණ්ඩවලට අදාළ මුදල මනිඕඩර් මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යොමු කළ ද එය භාර නොගෙන නැවත ඔහු වෙත යොමු කර ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බවට පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT