Home » සිරි දළදා වන්දනා රාජකාරිවල නියුතුවූ පොලිස් නිලධාරීන්ට කෝටි 10ක තෑගි

සිරි දළදා වන්දනා රාජකාරිවල නියුතුවූ පොලිස් නිලධාරීන්ට කෝටි 10ක තෑගි

by sachintha
April 29, 2025 1:32 am 0 comment

“සිරි දළදා වන්දනාව සඳහා ආරක්ෂක හා රථවාහන අංශ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් සඳහා රුපියල් කෝටි 10කට අධික ත්‍යාග මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (27) දිනයේදීම පියවර ගෙන ඇත. ඒ අනුව “සිරි දළඳා වන්දනාව” පැවැති දින 10ක කාලය තුළ නිල ඇඳුමින් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 8,500ක් සහ සිවිල් ඇඳුමින් රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශයේ නිලධාරීන් ඇතුළුව 10,000කට අධික නිලධාරීන් පිරිසකට මෙම විශේෂ ත්‍යාග මුදල් ලැබෙන බව මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කළේය. ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ කාන්තා නිලධාරීන් ද ඇතුළුව නිලධාරියකුට රුපියල් 12,000ක මුදලක් ද, උප පොලිස් පරීක්ෂකවරුන්ට සහ වරියන්ට රුපියල් 11,000ක මුදලක් ද, සැරයන් සහ කොස්තාපල්වරුන්ට සහ වරියන්ට රුපියල් 10,000ක මුදලක් ද වශයෙන් ත්‍යාග මුදල් ලැබෙනු ඇත. මේ හැරුණුකොට දළදා වන්දනාවේ රාජකාරියේ නිරතව සිටි මෙම නිලධාරීන්ට දින 02ක රාජකාරි නිවාඩුවක් ද ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. එසේම මෙම නිලධාරීන්ට දින 06කට අදාළ වන ලෙස ගමන් සහ සංයුක්ත දීමනා ලබාදීමට ද වැඩබලන පොලිස්පතිවරයා විසින් තීරණය කරමින් ඊට අදාළ නියෝග පෙරේදා (27) දිනයේදීම නිකුත් කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT