බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමේවෙල වතුයායේ ජීවත් වෙන ජනතාවගේ ගැටලු සොයාබැලීම සඳහා පසුගියදා මොනරාගල දිස්ත්‍රික් පා.ම. රුවන් විජේවීර ගුණරත්න මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ගමේවෙල වතුයායට ගිය මන්ත්‍රීවරයා අන්ත දිළිඳුභාවයෙන් පෙළෙන වතු පවුල්වල සාමාජිකයින් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර මෙහිදී පේළි නිවාස කාමරයක පවුල් තුන හතරක් ජීවත් වෙන බව නිරීක්ෂණය විය.
මෙහි පානීය ජලය සහ සනීපාරක්ෂ පහසුකම් නොමැති බවත් වතුවල අතුරු මාර්ග අබලන්ව පවතින බවත් අනාවරණය විය. ඒ පිළිබඳව අවධානය යොමුකළ මන්ත්‍රීවරයා නිවාස සහ වතු යටිතල පහසුකම් ඇමතිවරයා සමඟ සාකච්ඡාකොට විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
වතු කම්කරු පවුලකට අවම වශයෙන් පර්චස් 07 ඉඩමක අයිතිය ලබාදී නිවසක් ඉදිකර ගැනීම සඳහා ආධාර ලබාදෙන බවටත් ඉඩම් හිඟ ප්‍රදේශවල මහල් නිවාස ඉදිකරන බවත් සඳහන් කළේය.
ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක