මාස් කන්නයේ වී අස්වනු නෙලා අවසන් වීමත් සමඟ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අවට පිහිටි ජාතික වන උද්‍යාන 06ක සිටින වන අලී රෑබෝවීමටත් පෙර ගම්මානවලට කඩාවදින බව වාර්තාවේ.
මේ දිනවල ගම්වදින වන අලි නිසා දිස්ත්‍රීක්කයේ වටා ඇති ගම්මාන රැසක් දැඩී ලෙස අවදානමට ලක්ව ඇත.
කවුඩුල්ල, මින්නේරිය, සෝමාවතිය, වස්ගමුව, මාදුරුඔය හා ජාතික ජලගැලුම් නිම්න උද්‍යානයත්, මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතය ඇතුළු වන උද්‍යානවලින් එන මෙම වන අලි රංචුවක, වන අලින් 25 – 30 ක් සිටින බව ගම්වැසියෝ පවසති.
මෙසේ පැමිණෙන අලින් නිවාසවලට පහර දෙයි, වගා කළ කොස්, දෙල්, පොල්, ඇතුළු සෑම වගාවක්ම එක රැයකට වනසති. ජනතාවගේ දැවෙන මෙම ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ කවදා දැයි ජනතාව මැසිවිලි නඟති.
ඇළහැර – සරත් වෙලගෙදර