203
අකුරැස්ස මාර/ගොඩපිටිය ජාතික පාසලේ නව විදුහල්පතිනිය ලෙස හේලිකා කරුණාතිලක මහත්මිය ඉකුත් 24 වෙනි දින සුබ මොහොතින් වැඩ භාරගත්තාය.
හිටපු විදුහල්පති ජේ. උයන්ගොඩ මහතා තෙලිජ්ජවිල ජාතික පාසලේ නව විදුහල්පතිවරයා ලෙස පත්වී ගිය බැවින් හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවයේ නිරතව සිටි කරුණාතිලක මහත්මිය නව විදුහල්පති තනතුර සඳහා පත්කර තිබේ.
2010 වසරේ සිට 2017 වසර දක්වා මොරවක, කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස වසර 07ක කාලයක් සේවයේ නිරතව සිට 2017 වසරේ සිට 2025 අප්‍රේල් මස දක්වා අකුරැස්ස මාර/ගොඩපිටිය ජාතික පාසලේ නියෝජ්‍ය
විදුහල්පතිනිය ලෙස ඇය සේවය කර ඇත.
විජිත සල්ගාදු – අකුරැස්ස මධ්‍යම විශේෂ