Home » මුම්බායි පිට පිට ජය 5යි

මුම්බායි පිට පිට ජය 5යි

by sachintha
April 29, 2025 1:12 am 0 comment

මෙවර අයිපීඑල් තරගාවලියේ පිට පිට 5 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය යටතේ තරග වදින මුම්බායි ඉන්දියන්ස් පිල පෙරේදා සමත් විය.

තරගාවලියේ 45 වැනි තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් පිල ලකුණු 54කින් පරාජය කිරීමට මුම්බායි පිල සමත් වූයේ තරග 10කදී ලබාගත් සිය 6 වැනි ජයග්‍රහණය ලෙසිනි. මෙවර තරගාවලියේ කණ්ඩායමක් අඛණ්ඩව ජයග්‍රහණ 5ක් හිමි කරගත් පළමු අවස්ථාව ද මෙය විය.

මුම්බායිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් මුම්බායි පිල දුන් ලකුණු 216ක ඉලක්කය හමුවේ ලක්නව් පිලට ඕවර 20 අවසානයේ සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 161ක් පමණි.

අයුෂ් බදෝනි ලකුණු 35ක් සහ මිචෙල් මාෂ් ලකුණු 34ක් ලක්නව් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා කඩුලු 4ක්, ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් සහ විල් ජැක්ස් කඩුලු 2ක් දවා ගත්හ.

මුම්බායි පිල වෙනුවෙන් රයන් රිකෙල්ටන් පන්දු 32කින් ලකුණු 58ක් සහ සූර්යකුමාර් යාදව් පන්දු 28කින් ලකුණු 54ක් රැස් කළ අතර, තුන් ඉරියව් දස්කම් දැක්වූ විල් ජැක්ස් ලකුණු 29ක් ද රැස් කරමින් තරගයේ වීරයා ලෙස සම්මානය දිනා ගත්තේය. පන්දු යැවීමේදී මයාන්ක් යාදව් සහ අයේෂ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT