Home » ජාතික වොලිබෝල් ක්‍රීඩක මලිත් දිනිඳු දිවියෙන් සමුගනී

ජාතික වොලිබෝල් ක්‍රීඩක මලිත් දිනිඳු දිවියෙන් සමුගනී

by sachintha
April 29, 2025 1:13 am 0 comment

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු (33) හදිසි අභාවප්‍රාප්තවී තිබේ.

පූගොඩ මීවිටිගල කනිෂ්ඨ විදුහලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මලිත් රදාවාන ගෝල්ඩන් බර්ඩස් සහ සියනෑ තරු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ විය. ඉන්පසු වෘත්තීය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරීය සහ ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වී තිබේ.

2018 වර්ෂයේ සිට ජාතික වොලිබෝල් කණ්ඩායමේ කෙටි පන්දු ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කළ මලිත් ජාත්‍යන්තර තරගාවලි රැසකදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් දී තිබේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ද මේ ක්‍රීඩකයාගේ අභාවය වෙනුවෙන් සාතිශය සංවේගය පළ කරන අතර, ඔහු ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා දුන් දායකත්වය පිළිබඳ ප්‍රණාමය පුද කර සිටී. මලිත්ගේ දේහය අංක 168, ගිරිදර කපුගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (30) සවස කපුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT