Home » මැයි පෙළපාළි ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

මැයි පෙළපාළි ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

by chanaka
April 30, 2025 9:12 am 0 comment

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවය.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු අවශ්‍ය විටකදී රථවාහන පොලිස් නිලධාරින්ගෙන් සහාය ලබාගත හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT