ජ්‍යොතිෂ්‍ය මනුසතාට මඟපෙන්වීමක් සිදුකරන විද්‍යාවකි. භෞතික හා අධ්‍යාත්මික යන උභය පාර්ශ්වයන් සාර්ථක කර ගැනීමට උපකාරි වේ. භෞතිකය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන්ගෙන් සැකසී ඇත. එමෙන්ම රජස්, තමස් හා සාත්වික යන ගුණයන් ත්‍රිවිධ ගුණයෙන් යුක්තය. රජස් ගුණයෙන් ලෝභයද, තමස් ගුණයෙන් ද්වේශය ද, සයාත්වික ගුණයෙන් මෝහය ද උපදියි. මෙහි භෞතික හා ආධ්‍යාත්මික තත්ත්වයක් ග්‍රහයින්ගේ ඉස්මතු කර මනුෂ්‍ය ජීවිතයේ මිනිසා තුළ පවතින ආකාරය විස්තර කෙරේ.
බුදුදහමේ දැකීමට ඇති පංච නියාම ධර්මවලින් සතරක් ජ්‍යොතිෂ්‍ය විද්‍යාවේද දක්නට ලැබේ. සෘතු නියාමය, බීජ නියාමය, චිත්ත නියාමය, කර්ම නියාමය වේ. සෘතු නියාමයෙන් ලෝකය මත විද්‍යමාන වන්නේ රවි ග්‍රහයාගෙනි. එනම් සූර්යයායි. සඳු ග්‍රහයාගෙන් බීජ නියාමය විද්‍යමාන වේ. පෘථිවිය සූර්යයා වටා ගමන් කරනවිට පෘථිවියේ සිටින අප හට පෙනෙන්නේ සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරන බවයි. එසේම එම රාශිවල අඩංගු ගුණාත්මක ස්වභාවයක් අපගේ පෘථිවි වායුගෝලය තුළ ද ඇති කරයි. මේ අනුව ලෝකය තුළ සෘතු විපර්යාස ඇති වෙයි. ඒවා නම්,
1. වසන්ත සෘතුව – සිකුරු ග්‍රහයාට අයත් වෙයි. සත්වයාගේ ලෞකික ජීවිතය සාරවත් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙයි. රවි ග්‍රහයා මීන හා මේෂ රාශිවල ගමන් කරන කාලය තුළ වසන්ත සෘතුව උදා වෙයි.
2. ග්‍රීස්ම සෘතුව – රවි කුජ ග්‍රහයින්ට අයත් වෙයි. රවි ග්‍රහයා වෘෂභ හා මිථුන රාශිවල ගමන් කරන කාලයයි.
3. වර්ෂා සෘතුව – සඳුට අයත් වෙයි. රවි ග්‍රහයා කටක හා සිංහ රාශිවල ගමන් කරන කාලයයි.
4. සරත් සෘතුව – බුධට අයත් වෙයි. රවි ග්‍රහයා කන්‍යා හා තුලා රාශිවල ගමන් කරන කාලයයි.
5. හේමන්ත සෘතුව – ගුරුට අයත් වෙයි. රවි ග්‍රහයා වෘශ්චික හා ධනු රාශිවල ගමන් කරන කාලයයි.
6. සිසිර සෘතුව – සෙනසුරුට අයත් වෙයි. රවි ග්‍රහයා මකර හා කුම්භ රාශිවල ගමන් කරන කාලයයි.
සිංහල අවුරුද්ද උදාවන්නේ වසන්ත සෘතුව පවතින කාලයේය. එනම් රවි ග්‍රහයා මීන හා මේෂ රාශි දෙකේ ගමන් කරන කාලයේය. මීන රාශිය, රාශි චක්‍රයේ අවසාන රාශියයි. මේෂ රාශිය රාශි චක්කරයේ ආරම්භක රාශියයි. රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ට වන ස්ථානය ‘ගණ්ඩාන්ත සන්ධිය’ ලෙස සලකයි. මෙය අශුභ ස්ථානයකි.
උභය රාශිවල රවි ග්‍රහයා ගමන් කිරීම “කෝණයකි”. කෝණය ද අශුභ ස්ථානයකි. මීන රාශිය උභය රාශියක් බැවින් මීන රාශියේ රවි ගමන් කිරීම අශුභය. එම නිසා රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශ වන අවස්ථාව ඉතා අශුභ කාලයක් ලෙස සලකයි. එය “නොනගත කාලය” ලෙස හැඳින් වෙයි. මෙය ශුභ කටයුතු සඳහා ගත නොහැකි කාලයක් (එනම් සූර්ය සංක්‍රාන්ති කාලයයි)
රවි ග්‍රහයා මීන රාශියේ අංශක 29යි කලා 45ක් දක්වා ගමන් කළ විට දුර්වල තත්ත්වයේ පවතී. රවි ග්‍රහයා මේෂ රාශිය තෙක් ප්‍රවේශවීමට කලා 15ක් ගමන් කළ යුතුයි. මෙම කලා 15 ගමන් කිරීමට ගත වන කාලය ඉතාම අශුභය. හේතුව ගණ්ඩාන්තය හා කෝණය යන අශුභ අවස්ථා දෙකම යෙදෙන්නේ මීන රාශියේම වීමයි. මෙම කාලය “පූර්ව පුණ්‍ය කාලය” ලෙස හැඳින්වෙයි. එනම් සියලු ලෞකික ශුභ කටයුතු අතහැර පුණ්‍ය කටයුතුවල යෙදීමට මෙම කාලය යොදා ගනී.
රවි ග්‍රහයා මේෂ රාශියට ප්‍රවේශවීම සිංහල අවුරුදු උදාව ලෙස සලකයි. රවි මේෂ රාශියේ අංශක ‘0’ සිට බලා 15 දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය 06ක් පමණ වේ. මෙම කාලය “අපර පුන්‍ය කාලය” ලෙස සලකන අතර නව වසරට වැඩ ඇල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු කිරීම සිදුකරයි.
ජ්‍යොතිෂ්‍ය යනු ලෝකය පිළිබඳව නැතිනම් ස්වභාව ධර්මය පිළිබඳව යථාර්ථය අර්ථාන්විතව අනාවරණය කරගත හැකි විද්‍යාවයි. තවදුරටත් හඳුන්වන්නේ නම් “ජෝති” යනු බැබළීමට කියන නමකි. එසේ නම් ලෝකය බැබළවීම, නැතිනම් ස්වභාවධර්මයේ ක්‍රියාකාරිත්වය අනාවරණය කර ගත හැකි විද්‍යාවයි.
සූර්ය සංක්‍රාන්තියේ රටට ඔබට කොහොමද යන්න ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව විමසා බැලීම කාලෝචිතයි. ඒ අනුව රවි ග්‍රහයා නියෝජනය කරනු ලබන්නේ රටේ පාලන තන්ත්‍රයේ පාලකයාය. ගෘහස්ථ වශයෙන් ගෘහමූලිකයා කිසියම් ආයතනයක නම් ආයතන ප්‍රධානියාය.
රවි මේෂ රාශියට සංක්‍රාන්තියෙන් උච්ච ග්‍රහ බලයක් පෙන්නුම් කරනු දක්නට ලැබේ. මාර්තු 29 සෙනසුරුගේ මාරුවත් සමඟ රාජ්‍යයට, පාලන තන්ත්‍රයට, පාලකයාට, ජනතාවට දැඩි පීඩාවක්ද, රාජ්‍යය පිළිබඳව දැඩි අප්‍රසාදයක් ද ඇති වුවත් සූර්ය සංක්‍රාන්තියත් සමඟ රවි උච්ච වීමෙන් රටට පාලකයාට කීර්තියක්, ප්‍රසාදයක්, වටිනාකමක් ලැබෙන කාලයක් උදාවනවා සේම ප්‍රස්තුත මාතෘකාවක් ද ජනප්‍රිය වේ.
මෙම කාරණාව යථාර්ථයක් බවට පත්කරමින් රවි ග්‍රහයාටත් රටක රාජ්‍යයෙහි පාලකයා පෙන්නුම් කරයි. රාජ්‍යයෙහි රජුන්ට ජනතා ප්‍රසාදය අඩු වුවහොත් රාජ්‍ය පවත්වාගෙන යාමට අසීරුය. පුරාණයේ බෞද්ධයාගේ මුදුන්මල්කඩ වන් දළදා වහන්සේගේ භාරකාරත්වය දරන්නේ ද යම් අයෙක් ද ඔහු රටේ පාලකයා බවයි.
ඉහත කරුණ ඇත්තක් කරමින් වර්තමානයේ ද ජනතා ගෞරවය ප්‍රසාදය ඇති වන අන්දමට රටේ පාලකයා විසින් “උත්තම ශ්‍රී වාම දන්ත ධාතුන් වහන්සේගේ වන්දනාව” සිදුකරනු ඇත. මේ තුළින් රටේ ජනාධිපතිතුමාට, රාජ්‍යයට ජනතා ප්‍රසාදය වැඩි වූහ. රවිගේ බලපෑම නිසා රටේ පාලකයාට යම් හෝ අප්‍රසාදයක් තිබුණා නම් එය තාවකාලිකව හෝ ශූන්‍ය කර ගැනීමට පාලකයා ගත් උත්සාහයක් ලෙස මෙය වටහා ගැනීමට පුළුවන.
ලෝක ධර්මතාවය සියල්ල වෙනස් වීමයි. ඒ අනුව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් පසු රාජ්‍යයෙහි පසුබෑමක්, දැඩි පීඩාවක් ඇති වීමට පුළුවන.
2025 මැයි 15න් පසු රවි වෘෂභ රාශියට ගමන් කරයි. එවිට රවිගේ ගෝචරය සතුරු රාශියකට පැමිණේ. එමඟින් රාජ්‍යය කෙරෙහි ද අප්‍රසාදය, දැඩි කලකිරීමක් රාජ්‍යය නායකයාට ද ඇති වීමට ඉදිරියේදී අවස්ථාව ඇති වෙයිද?
රටේ විවිධ ප්‍රදේශවල දැඩි නියඟය ඇති වනවිට තවත් පළාත්වලට ජලයෙන් පීඩා විඳීමට සිදු වේ. විවිධ දේශගුණික, කාලගුණික විපර්යාසයන්ගෙන් දැඩි බලපෑමක් රාජ්‍යයට ඇති කිරීමට පුළුවන. වර්තමානයේ රාජ්‍යයෙහි පවතින ස්ථාවරය අඩාළ වීමට බොහෝවිට ඉඩ අවස්ථාව ඇත.
දේශපාලන කලාව ආදියේ ප්‍රසිද්ධියට පත් චරිතයන් රටට අහිමි වීමට ජීවන ගමනට සමුදීම සිදු වේ. අධ්‍යාපන, වෛද්‍ය වැනි ක්ෂේත්‍රවල පසුබෑමක් දක්නට ලැබේ. වෘත්තීය සමිති සමාගම්වලින් රජයට පීඩාකාරී ලෙස කටයුතු කිරීමට පෙලඹේ. රාජ්‍යයක් විසින් දැරිය නොහැකි ඉල්ලීම්වලට ගොදුරු වීමෙන් දැඩි අපහසු පීඩාකාරි කාලයක් පසු කරලීමට ඉදිරියේදී රාජ්‍යයට, රාජ්‍ය නායකයන්ට මුහුණදීමට සිදුවීමට ඉඩකඩ පවතී.
සූර්ය සංක්‍රාන්තිය ඔබට කොහොමද?
මේෂ ලග්නය
මිශ්‍ර ඵලදායක වසරකි. නිදන්ගත රෝග ඇත්නම් පරිස්සම් විය යුතුයි. රෝග වර්ධනය වැඩි වීමට පුළුවන. ආර්ථික දියුණුවක් ඇත. ව්‍යාපාරවල දියුණුව ඇති වෙයි. ගර්භිණී කාන්තාවන් විමසිලිමත් වන්න. දූ දරුවන්ගේ ක්‍රියාකාරකම් මත මානසික පීඩා ඇති කරයි. වැරැදි වැටහීම් නිසා පෙම්වතුන්ගේ සම්බන්ධතා පළුදුවීමට පුළුවන. අවසානයේදී සුබදායක වේ.
වෘෂභ ලග්නය
යහපත් සුබදායක වසරකි. ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇති වේ. රැකී රක්ෂාවල ප්‍රගතියක් ඇති වෙයි. ආර්ථික වශයෙන් දියුණුව ඇති වෙයි. තමන්ගේ මවට රෝගී තත්ත්වයක් උත්සන්න වීමට ඉඩ ඇත. යුග ජීවිතය සතුටින් ගත කළ හැකි කාලයකි. පෙම්වතුන්ට යහපත් කාලයකි. කල්ගත රෝගී තත්ත්වයන් ඉස්මතු වීමට පුළුවන. රැකී රක්ෂාවලදී කල්පනාකාරීව සිටිය යුතුයි.
මිථුන ලග්නය
රැකී රක්ෂාවල වෙනස්කම් සිදුවේ. විදෙස් ගමන් සාර්ථකව සිදු වෙයි. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් ලැබේ. තීරණාත්මක තීරණවලට එළඹීමට සිදු වේ. සුළු ස්නායු රෝගවල බලපෑම් ඇති වෙයි. විවාහ ජීවිතයේ සතුට රැදෙයි. විවාහ වීමට අවස්ථාව උදා වෙයි.
කටක ලග්නය
වියදම් අධික කාලයකි. සිදුකරන වැඩකටයුතුවල බාධක ඇති වෙයි. විදේශගතවීමට සිටියේ නම් එය සාර්ථක කර ගැනීමට පුළුවන. අධ්‍යාපන කටයුතුවල නියැළෙනවානම් එයට මානසික බාධා ඇති වෙයි. ආවේගශීලි වචන භාවිතය නිසාවෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට ඉඩ ඇත. වංචනිකයන්ට හසුවීමට ඇත. එබැවින් මුදල් ගනුදෙනුවලදී පරිස්සම් වීම සුබයි. විවාහ ජීවිතයේ ද ආදර සබඳතාවලට ගැටලු ඇති වෙයි.
සිංහ ලග්නය
මිශ්‍ර ඵලදායක කාලයකි. ආදායම් ලැබීම් ඇතිවීම රැකියාවල බිඳවැටීම් තිබුණා නම් එය නැවත ලැබීම, යුග ජීවිතයේ ගැටලු ඇතිවීමට පුළුවන. හවුල් ව්‍යාපාර සිදුකරන්නේ නම් මත ගැටුම් ඇති වෙයි. හිස ආශ්‍රිත ගැටලු ඇති වීමට පුළුවන. අධ්‍යාපන කටයුතුවල හොඳ සාර්ථකත්වයක් දැක ගත හැකිය.
කන්‍යා ලග්නය
මිශ්‍ර ඵල ලබා දෙයි. රැකී රක්ෂාවල දියුණුව ඇති වෙයි. නීතිමය ගැටලු ඇති වෙයි. අධ්‍යාත්මික කටයුතුවලට යොමුවීමට ඉඩ ඇත. අවසානයේදී සුළු සුළු ගැටලු ඇති කරයි. විවාහ ජීවිතයේ චිත්ත පීඩා ඇති කරයි.
තුලා ලග්නය
සුබදායක කාලයක් උදා වෙයි. සතුරු පරාජය කළ හැකිය. විදේශ ගමන් සාර්ථක වේ. ආර්ථිකයේ විශේෂ දියුණුවක් ලැබේ. වාත රෝගවලින් පරිස්සම් විය යුතුයි. අධ්‍යාපන ඉලක්ක සාර්ථක වන කාලයකි. ආදර සබඳතාවල සුළු ගැටුම් ඇති වෙයි. විවාහ ජීවිතයේ සතුට රැඳෙයි.
වෘශ්චික ලග්නය
සෞඛ්‍ය ගැටලු ඇති වෙයි. අධ්‍යාපන කටයුතුවලට උදාසීන වේ. ගෘහ ජීවිතයේ ගැටලු ඇති වීමට පුළුවන. රැකී රක්ෂාවල ගැටුම් ඇති වෙයි. ආර්ථිකයේ යම් දියුණුවක් ලැබේ. විවාහ ජීවිතයේ සතුට ගෙන දෙයි.
ධනු ලග්නය
මිශ්‍ර ඵල ඇති කාලයකි. ආත්ම ශක්තියෙන් කටයුතු කර දියුණුව ඇති කරයි. රාජකාරි කටයුතුවලදී ඉතාම පරිස්සම් විය යුතුයි. අධ්‍යාත්මික කටයුතුවල යෙදෙන්නේ නම් දියුණුවක් උදාකරගත හැකිය. ව්‍යාපාර කටයුතුවල දියුණුව ලැබේ. අධ්‍යාපනයේ ශුභ ඵල ලබා දෙයි. විවාහ ජීවිතය සතුට රැඳෙයි.
මකර ලග්නය
මිශ්‍ර ඵල ඇති කාලයකි. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. නිදන්ගත රෝග උත්සන්නවීමට පුළුවන. ආත්ම ශක්තිය ඇතිව කටයුතු කරයි. දියුණුව උදාකර ගත හැකිය. නව ව්‍යාපාර කටයුතුවල සුභ ඵල ගෙන දෙයි. යුග දිවියේ සුළු සුළු ගැටුම් ඇති වෙයි.
කුම්භ ලග්නය
අධ්‍යාපනයේදී විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි කාලයකි. හදිසි ධන ලාභ ලැබීමට භාග්‍යය ඇත. ලොතරැයි දිනුම් ලැබීමට වාසනාව ඇත. ව්‍යාපාරවල දියුණුව ඇති වෙනවා සේම මුදල් පරිහරණයේදී ඉතාම කල්පනාකාරිව කටයුතු කළ යුතුයි. රැකී රක්ෂාවල සුළු සුළු ගැටුම් ඇති වීමට පුළුවන.
මීන ලග්නය
සුබ අසුබ මිශ්‍රව ඇති කාලයකි. රැකී රක්ෂාවල දියුණුවක් උදාවෙයි. ගෘහ ජීවිතයේ සතුට රැඳෙයි. ශරීර අභ්‍යන්තර රෝග හට ගැනීමට පුළුවන. සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදු වෙයි. රැකියාවල වෙනස්කම් ඇති වෙයි. විවාහ සුබ කාලය උදා වෙයි. මූල්‍යමය ගැටලු ඇති කරයි. වංචනික පුද්ගලයන්ට හසුවීමට පුළුවන.
ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ සංගීතා වික්‍රමසිංහ