නක්ෂත්‍රය සමඟ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්හි සම්බන්ධතාවක් පවතීද? ඒ පිළිබඳ ජ්‍යොතිෂය සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ කීර්තියක් උසුලන නිට්ටඹුවේ, ගිහාන් සංජීව මහතාගේ අදහස් ඇසුරෙන් මේ කෙටි ලිපිය සැකසිණ.
“සැබැවින්ම නක්ෂත්‍රය හා යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් යන මේ දෙකෙහි එකිනෙක සහසම්බන්ධතාවක් පවතින බවක් දක්නට පුළුවන. නක්ෂත්‍රයෙහිලා කතාබහට ලක්වන පුර-අව දෙපක්ෂය යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වලදීත් සැලකිල්ලට ගැනේ. එසේම, ඒවා යහපත් අතට මෙන්ම අයහපත් අතටත් යොදා ගනු දක්නට පුළුවන. එමෙන්ම, නැකැත, පංච පක්ෂීන්, රාහු කාලය, මුහුර්ත, රිට්ටා, පුර පසළොස්වකදා යෙදෙයිද යනාදී කරුණු ද, මරු සිටින දිසාව, මන්ත්‍ර ගුරුකම්වලදීත් සැලකිල්ලට ගන්නා බව පැහැදිලිය.
තවද, එක් එක් යන්ත්‍ර, ගුරුකම් ආදියෙහිදී ද අදාළ පුද්ගලයන්ට මිත්‍ර හෝ එසේ නොවන නැකැත් යෙදෙන වේලාවන් බලා ඊට අදාළ කටයුතු කරනු හඳුනාගත හැකිය. ඒ අයුරින් රාත්‍රී, දහවල් කාල වේලාවන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා වෙන් කරවා ගනු දක්නටත් පුළුවන. මේ ආදී වශයෙන් ජ්‍යොතිෂමය කරුණු යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙහිදීද අදාළ කර ගැනේ.
එපමණක් නොව, වෙදකමෙහිදී ද නක්ෂත්‍රය සලකා බැලෙන අවස්ථා දක්නට පුළුවන. සුව කළ නොහැකි බවට හැඳින්වුණු සමහර රෝගීන් පවා සුවපත් වූ අවස්ථාවන්හිදී ඒ ඒ තැනැත්තන්ගේ කේන්දර පිටපත පරික්ෂා කිරීමත් එමඟින් අදාළ පුද්ගලයාට මාරක අපල ආදිය යෙදේ දැයි කල්තබා දැන හඳුනා ගැනීමටත් හැකිය. පළපුරුදු ඇදුරෝ එවිට තැනැත්තන්ගේ මරණය විය හැකි කාලය පවා කල් දැමීමට අදාළ යන්ත්‍ර, මන්ත්‍ර ආදිය දනිති. ඒ කෙසේ වෙතත්, යන්ත්‍ර මන්ත්‍රවලදී ඒ ඒ කටයුතු කළ යුතු වේලාවන්ට ප්‍රධාන තැනක් පිරිනැමේ. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ කතාබහ කරන විටදී දකුණුලක නිතර කතාබහට ලක් වෙයි. එහි පාරම්පරිකව පොතුපිටිය, කිරිහැන්දේගෙදර, හිත්තැටිය ආදී ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රකට යකැදුරන් විසූ බවට සමාජයේ කතාබහක් පවතියි…”
නුවන් ජයවික්‍රම