Home » පාකිස්තානයට ජීඑස්පී දීර්ඝ කිරීම උතුරු යුරෝපා රටවල විරෝධතාවට

පාකිස්තානයට ජීඑස්පී දීර්ඝ කිරීම උතුරු යුරෝපා රටවල විරෝධතාවට

by sachintha
April 30, 2025 2:09 am 0 comment

යුරෝපා සංගමයෙන් පාකිස්තානයේ අපනයනය සඳහා ලබා දී ඇති ජීඑස්පී ප්ලස් බදු සහනය වසර 2027 දක්වා දීර්ඝ කිරිමට යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණයට උතුරු යුරෝපීය රටවල් විරෝධතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 561 දෙනකු එම දීර්ඝ කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ ද, ග්‍රීසිය සහ සයිප්‍රසය ඇතුළු උතුරු යුරෝපීය රටවල් පාකිස්තානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම අවධානයට ලක් කරමින් එම විරෝධතාව මතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පාකිස්තානයේ ජීඑස්පී ප්ලස් සහනය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් යුරෝපා පාර්ලිමේන්තුව මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කිරිමට කැපවී නැති බවට උතුරු යුරෝපීය රටවල් බරපතළ චෝදනාවක් ද එල්ල කර තිබේ.

සිය ආර්ථික සංවර්ධනය තුළින් ගෝලීය ආර්ථිකයට අවශ්‍ය ආකාරයෙන් හැඩ ගැසීමට මූල්‍යමය හා තාක්ෂණික සහාය පාකිස්තානයට ලබා දීම සඳහා යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් සහනය තවත් වසර තුනකින් දීර්ඝ කිරීමට කටයුතු කළද, එරට මතු වී ඇති මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධව අවධානය යොමු නොකිරීම කනගාටුදායක කරුණක් බවත් උතුරු යුරෝපීය රටවල් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජීඑස්පී ප්ලස් සහනය යටතේ ආරක්ෂා කිරීමට බැඳී සිටින සම්මුතීන් පාකිස්තානය අඛණ්ඩව උල්ලංඝනය කරමින් ආගමික හා වාර්ගික සුළුතර ප්‍රජාව හිංසනයට හා පීඩාවට ලක් කරන බව එම රටවල් චෝදනා කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT