Home » ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැටලීමකින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800ක් අත්අඩංගුවට

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැටලීමකින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800ක් අත්අඩංගුවට

by sachintha
April 30, 2025 1:10 am 0 comment

දරුණු අපරාධකරුවන් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 800කට වැඩි සංඛ්‍යාවක් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පොලීසිය විසින් සිදු කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට පත්වී ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. මේ දැවැන්ත මෙහෙයුම ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලීසිය ෆෙඩරල් සංක්‍රමණ නියෝජිතයන් සමඟ ඒකාබද්ධව සිදු කළ පළමු වැටලීම බව ද නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. දින 4ක් පුරා සිදු කළ එම වැටලීමේදී ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලීසියට අත්‍යවශ්‍ය වී සිටි අපරාධකරුවන් ද හඳුනා ගැනීමට හැකිවූ බව වාර්තා වේ. කොලොම්බියානු සහ රුසියානු ජාතිකයන් රැසක් ද ඒ අතර සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT