Home » බ්‍රික්ස් රටවල් ඒකාබද්ධ වීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි

බ්‍රික්ස් රටවල් ඒකාබද්ධ වීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි

by chanaka
April 30, 2025 9:35 am 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී, 28 වැනිදා බ්‍රසීලයේ Rio de Janeiro හි පැවති බ්‍රික්ස් විදේශ අමාත්‍ය රැස්වීමට සහභාගී වෙමින්, ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

නව නැගී එන බලවේගයන් හි නියෝජිතයන් ලෙස බ්‍රික්ස් රටවල්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ, ගෝලීය පාලන රාමුව ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කළ යුතු බවත්, එමඟින් ගෝලීය දකුණේ රාජ්‍යයන්ගේ පොදු අභිලාෂයන් වඩාත් මැනවින් පිළිබිඹු කළ යුතු බවත්, වං යී මහතා අවධාරණය කළේ ය.

පළමුව, බහුපාර්ශ්වික වෙළඳ නීති රීති ආරක්ෂා කළ යුතුය. දෙවනුව, ගෝලීය මූල්‍ය පාලනය ශක්තිමත් කළ යුතුය. තෙවනුව, හරිත පරිවර්තනයක් ඉටු කළ යුතු අතර සිවුවනුව, ඩිජිටල් අවස්ථා බෙදා ගත යුතුය. නොබෝ දිනකින් චීනයේ ශැංහයි හි පැවැත්වීමට නියමිත 2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වීමට බ්‍රික්ස් රටවල් සාදරයෙන් පිළිගන්න බව ද චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එසේම බහුපාර්ශ්විකත්වය පවත්වා ගැනීම සහ බහුපාර්ශ්වික වෙළඳ නීති ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය, වං යී මහතා එහිදී පැහැදිලි කළේ ය. දිගු කලක් තිස්සේ නිදහස් වෙළඳාමෙන් ඇමරිකාව විශාල ප්‍රතිලාභ ලබා ඇති නමුත් මේ වනවිට එරට තීරුබදු ප්‍රතිපත්ති‍ය හරහා සෙසු රටවලින් අධික මුදලක් ඉල්ලා සිටියි. මෙහිදී අදාළ රටවල් නිහඬව සිටීමට, සම්මුතියකට එළඹීමට සහ පසුබැසීමට පියවර ගන්නේ නම්, එය හිරිහැර කරන්නාට වඩාත් ආක්‍රමණශීලී වීමට ඉඩ දීමක් වනු ඇතැයි, වං යී මහතා පැවසීය. එබැවින් සියලු ආකාරයේ වෙළෙඳ ආරක්ෂණවාදයන්ට බ්‍රික්ස් රටවල් ඒකාබද්ධව විරෝධය පළ කළ යුතු බවත්, වෙළඳාමේ ලිබරල්කරණය සහ පහසුකම් සැපයීම ප්‍රවර්ධනය කළ යුතු බවත්, වං යී මහතා එහිදී අවධාරණය කර සිටියේ ය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT