Home » මෙරට නැති ඉබ්බන් වර්ගයක් පිටිපන ධීවරයන් සොයාගෙන

මෙරට නැති ඉබ්බන් වර්ගයක් පිටිපන ධීවරයන් සොයාගෙන

by sachintha
April 30, 2025 1:31 am 0 comment

විදේශීය රටක සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇතැයි සැක කරන කහ පැහැයට හුරු සහ කළුපාට ඉබ්බන් දෙදෙනකු හමු වූ බව මුතුරාජවෙල අඩවිය කලාප භාර වනජීවි කාර්යාලය පවසයි.

මෙම ඉබ්බන් දෙවර්ගය මෙරටදී මෙයට පෙර හමු වූ බවට සාක්ෂි නොමැති බවත් මෙවැනි ඉබ්බන් මෙරට මුහුදු තීරයේදී සොයා ගත් මුල් අවස්ථාව මෙය වන බව අඩවි ආරක්ෂක ටෙනිසන් ප්‍රියවර්ධන මහතා සඳහන් කළේය.

වනජීවී පනත යටතේ ඕනෑම රටක ජීවීන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවන් තහවුරු කර ගැනීමට පනතේ බලතල තිබෙන බව ද ඔහු පැවසීය.

මෙම ඉබ්බන් දෙදෙනා මෙරට මුහුදු සාගරේ සිටීම සම්බන්ධව බෙල්ලන්විල පශු වෛද්‍ය ඒකකය වෙත යැවීමටත්, අදාළ සතුන් කුමන විශේෂයකට අයත් ද යන්න හඳුනා ගැනීමටත් බෙල්ලන්විල අත්තිඩිය පශු වෛද්‍යවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුදර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඉදිරියේ ඊයේ (29) කරුණු දැක්වූ බවද වනජීවී අඩවි ආරක්ෂක ටෙනිසන් ප්‍රියවර්ධන මහතා සඳහන් කළේය.

කිලෝ 40ක් පමණ බරකින් යුත් කහ පාට ඉබ්බා, (ටයිගර් ටෝටිස් – කොටි ඉබ්බා) අප්‍රිකානු හා සීෂෙල්ස් රටවල ජීවත් වන බව වාර්තා වෙයි. පිටිපන සිට බටහිරට කිලෝමීටර් 15ක් විස්සක් පමණ දුරින් දියඹේ පාසි ගොඩක සිට පාවෙමින් සිටියදී පිටිපන ධීවරයන් අල්ලා ගත් මෙම ඉබ්බා හමුදා නිලධාරියකුට භාරදී ඇති බව වාර්තා වෙයි.

කොළඹ වරායේ සිට බටහිරට කිලෝ මීටර් 25 – 30 පමණ දුරින් මාළු අල්ලමින් සිටි ධීවරයකුට කළු පාට ඉබ්බාව මුහුදේ පාවෙමින් සිටියදී හමුවී තිබේ. එම ඉබ්බා අල්ලාගෙන විත් , පිටිපන මාළු ලෙල්ලමේ දී අලෙවි කර ඇති බව සඳහන්ය.

ඉබ්බා මිලදීගත් පුද්ගලයා එම ඉබ්බා දුංගල්පිටිය පොලීසියට භාර දී තිබේ.

මෙම ඉබ්බන් සම්බන්ධයෙන් අධිකරණය වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මැයි 20 වැනිදා සිදු කිරීමට නියමිතය.

 

කොච්චිකඩේ සමූහ ඩී. මිහිඳුකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT