43
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතරදී පෙරේදා (28) සිදු වූ අනතුරකින් ආපදා රථ රියැදුරකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ දසනායක අලුත්ගේ අමිල (41) නමැති දෙදරු පියෙකි.
තුවාල ලැබූවන් අතර අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දියණියද වන බව පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා ආපදාවට ලක් වූ මෝටර් රථයක් පටවාගෙන ගැලනිගම පිවිසුමෙන් ඇතුළු වී ගමන් කරද්දී ඉදිරිපස රෝදය ආපදාවට ලක් වී රථය නවතා ඇත. එම අවස්ථාවේ තවත් රියක හැපීමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ සහ හංවැල්ල විශේෂ – අජිත් හේවසිංහ