රුපියල් කෝටි ගණනක් වටිනා වාහන වංචා කිරීම සහ සොරකම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.
වසර 2020.08.25 වන දින රුපියල් එක්කෝටි හැටපන්ලක්ෂයක් (16,500,000/=) වටිනා ජීප් රථයක් කොළඹ ජාතික රෝහලේ රථගාලේ නවතා තිබියදී සොරකම් කිරීම සම්බන්ධයෙන් හා 2023.12.18 වන දින වාහනයක් ලබා දෙන බව පවසා එක්කෝටි විසිපන්ලක්ෂයක (125,00,000/=) මුදලක් ලබාගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම අපරාධ සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති සැකකරු ව්‍යාජ නම් කිහිපයක් භාවිතා කරමින් ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර මොහුට භාෂා කිහිපයක් හැසිරවීමට හැකියාව ඇති බවත්, මොහු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවද පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
රෆික් මොහොමඩ් ෆාරිස් නැමැති මොහු 1976.07.03 ඉපදී ඇති අතර ඔහුගේ ජා.හැ.ප. අංකය 761850466v බව පොලීසිය පවසයි. සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය 071-8591735, ස්ථානාධිපති, විමර්ශන ඒකක 05 071-8596507 වේ.
රක්ෂණ ශ්‍රියන්ත