Home » ලොව විශාලතම බහලුම් නෞකාවක් කොළඹ වරායට

ලොව විශාලතම බහලුම් නෞකාවක් කොළඹ වරායට

by sachintha
April 30, 2025 1:49 am 0 comment

ශ්‍රී ලාංකේය සමුද්‍රීය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MAREILLA නෞකාව කොළඹ වරායේ නැ‍ඟෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ඊයේ (29) ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකිය. මෙම නෞකාව මෙරටට ආ පළමු අවස්ථාව මෙය බව ද වරාය අධිකාරිය සඳහන් කළේය.

කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලුම් නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MAREILLA නෞකාව පැමිණීමෙන් තහවුරු වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

2023 වර්ෂයේ දී ඉදිකරන ලද MSC MAREILLA බහලුම් නෞකාවේ රැගෙන යා හැකි බහලු ධාරිතාව 24,246ක් වන අතර ටොන් 240739ක ධාරිතාවකින් සමන්විත ය.

දිගින් මීටර් 399.90කින් යුතු වන අතර නෞකාවේ පළල මීටර් 61.30කි.

මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැ‍ඟෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත පැමිණීම තුළ නැ‍ඟෙනහිර පර්යන්තය සතු අතිවිශාල බහලු නෞකා මෙහෙයවීමේ ශක්‍යතාව තහවුරු වන බව ද වරාය අධිකාරිය සඳහන් කරයි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT