Home » බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපතිට
වහා නීති පියවර ගන්න

බටලන්ද කොමිෂන් වාර්තාව නීතිපතිට

-ජනපති කාර්යාලය කියයි

by sachintha
April 30, 2025 1:22 am 0 comment

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය මඟින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. වසර 25කට පසු, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

අදාළ වාර්තාව ඊයේ (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT