Home » රනිල්-දිලිත්-පාඨලී ගම්මන්පිලගේ මැයි රැලි නෑ

රනිල්-දිලිත්-පාඨලී ගම්මන්පිලගේ මැයි රැලි නෑ

by sachintha
April 30, 2025 1:29 am 0 comment

ලෝක කම්කරු දිනය යෙදෙන හෙට (01) දිනයේ මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම මැයි රැලි, පෙළපාළි, සැමරුම් හෝ උත්සව සංවිධාන කර නොතිබීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර මැයි දින සැමරුමක් සංවිධාන කර නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්ව ජන බලය ද මැයි දින සැමරුමක් සංවිධාන කර නැත.

එමෙන්ම පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ ද මෙවර මැයි දින රැලියක් සංවිධාන කර නොමැත.

පිවිතුරු හෙළ උරුමය පක්ෂය ද මෙවර මැයි දින සැමරුමක් පවත්වන්නේ නැත. ජාතික නිදහස් පෙරමුණ ද මේ වනතෙක් මැයි දින සැමරුමක් පවත්වන බවට සඳහන් කර නැත.

මෙවර මැයි රැලි 18ක් පමණ පැවැත්වෙන අතර ගිය වසරේදී මැයි රැලි 74ක් රට පුරා පැවැත්විණි.

රන්මලී සෝමසිරි, මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT