ලංකා සතොස ලිමිටඩ් සමාගම චක්‍රලේඛ උපදෙස්වලට පටහැණිව රටබීම අලෙවිසල් බලපත්‍ර ගැනීමට උපදේශකවරයකු පත් කර, චක්‍රලේඛවලට පටහැණිව ලක්ෂ 34ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
ලංකා සතොස ලිමිටඩ් සමාගම මඟින් පවත්වාගෙන යන රටබීම අලෙවිසල් බලපත්‍ර ගැනීම සඳහා මෙම උපදේශකවරයා පත් කර තිබිණි.
චක්‍රලේඛය ප්‍රකාරව මෙවැනි සේවයක් දින 90ක් නොඉක්මවන කෙටිකාලීන පදනමක් මත හදිසි සේවයක් ලෙස ලබාගත යුතුය. එසේම රුපියල් 150,000ක් වූ උපරිම දීමනාව අදාළ කාර්ය නිම වූ පසු අමාත්‍යාංශ ලේකම්ගේ පෞද්ගලික අනුමැතිය මත ගෙවිය යුතුය.
එසේ වුවද චක්‍රලේඛ උපදෙස්වලට පටහැණිව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත මාසිකව රුපියල් 100,000ක දීමනාවක් ද අනියම් දීමනා සහ ලබා ගන්නා මත්පැන් අලෙවි බලපත්‍රයක් සඳහා රුපියල් 25,000ක දීමනාවක් ද භාණ්ඩාගාර අනුමැතියකින් තොරව එම උපදේශකවරයාට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන්ය.
ඒ අනුව චක්‍රලේඛ විධානයන්ට පටහැණිව 2022 ජූනි සිට 2024 මැයි දක්වා රුපියල් 3,496,789ක මුදලක් එම උපදේශකවරයාට ගෙවා තිබිණි.
රන්මලී සෝමසිරි