Home » තැපැල් ඡන්දය අවසන්

තැපැල් ඡන්දය අවසන්

by sachintha
April 30, 2025 12:01 am 0 comment

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (29) පස්වරු 04.00ට අවසන් විය.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අවසන් වූ බැවින් තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැයි 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් බව ද හෙතෙම පැවසීය. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට පුද්ගලයන් 648,495ක් සුදුසුකම් ලැබීය. දින 04ක් පුරාවට පැවති තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතාම සාමකාමී අයුරින් සිදුවූ බව පැෆ්රල් සංවිධානය සඳහන් කළේය. ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ථ මට්ටමක පැවති බව තම සංවිධානය වෙත නිරීක්ෂණය වූ බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

පළමු දිනම තැපැල් ඡන්දය භාවිත කිරීම 60% ඉක්මවා ගිය බව පැවසූ ඒ මහතා පැවති දින 4ක කාලය තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ මට්ටමක පැවැති බව ද පැවසීය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT