Friday, May 16, 2025
Home » ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනඟන්න අපට ඡන්දය දෙන්න -මන්ත්‍රී දිලිත් ජයවීර

ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනඟන්න අපට ඡන්දය දෙන්න -මන්ත්‍රී දිලිත් ජයවීර

by sachintha
April 30, 2025 1:48 am 0 comment

සැමට අවස්ථාවක් හිමි වන ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනඟන්න නම් පදක්කම ඉදිරියේ කතිරය ගසන්නැයි සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“රට ගොඩගත හැකි වැඩපිළිවෙළ තිබෙන්නේ අපේ පක්ෂය සතුව. ජනතා අපේක්ෂා ජයග්‍රහණය කිරීමට සෑම විටම කැප වෙනවා. වත්මන් ආණ්ඩුව රට ගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකාධිපතිත්වය ඉක්මවා ගිය ධනපති ක්‍රමයකට. අද රට පාලනය කරන්නේ මීට වසර ගණනාවකට පෙර මෙරට දේශපාලනයේ යෙදුණු ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි.

එම පක්ෂය මේ වන විට විශාල ලෙස වෙනස් වීමකට ලක්වෙලා තිබෙනවා. හොරු අල්ලනවා කිවුවා. වැඩි කර තිබූ බොහෝ දේ අඩු කරනවා කිවුවා. අද කිසිම දෙයක් වෙලා නෑ. ජනාධිපතිවරයා පත්වෙලා මාස ගණනක් ගිහින්. පාර්ලිමේන්තුව පත්වෙලත් එහෙමයි. සම්පූර්ණ බලය තිබෙන්නේ වත්මන් ආණ්ඩුව සතුව. එම නිසා ඔවුන්ට කරන්න බැරි දෙයක් නෑ. එහෙම කරන්න පුළුවන්කම තියාගෙනත් කරන්නේ නැත්තේ ඇයි. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පක්ෂවලට රැවටිලා ගමේ සංවර්ධනය අඩපණ කර ගන්න එපා. අපි සූදානම් ඔබ වෙනුවෙන් වැඩපිළිවෙළක් සමඟ වැඩ කරන්න. ඒ සඳහා පදක්කම ඉදිරියේ කතිරය ගසන්න.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT