39
හාලිඇළ ප්‍රදේශයට ඉකුත් 27 වැනිදා පස්වරුවේ ඇතිවූ අධික වර්ෂාවත් සමඟ උඩුවර ප්‍රදේශයේ දී නිෙවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් නව හැවිරිදි දැරියක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පැවැති අධික වර්ෂාවත් සමඟ ‘රෝසට් වත්ත’ පාර, කිරවනාගොඩ, උඩුවර, හාලිඇළ ලිපිනයේ පිහිටි මෙම නිෙවසට ඉහළින් පිහිටි පස් කන්ද මෙලෙස නිෙවස මතට කඩාවැටී ඇත.
එහිදී නිෙවසේ මුළුතැන්ගෙයට හා නිදන කාමරයකට දැඩි අලාභහානි සිදුව ඇති අතර, මෙම සිද්ධියෙන් අනතුරුව නිෙවසේ සිටි අනෙක් අය ඉන් ඉවත් කර ඥාති නිෙවසක නවාතැන් පහසුකම් සලසා දීමට අවශ්‍ය පියවර ගත් බව හාලිඇළ පොලීසිය පවසයි.
බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන