39
මහනුවර නුගවෙල මධ්‍ය මහා විදුහලේ පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප මට්ටමේ තරග සඳහා ඉදිරිපත් වූ හතරලියද්ද ටී.බී. ඉලංගරත්න ජාතික පාසලේ නර්තන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනාෙගන ඇත. එහිදී , කනිෂ්ට සමූහ බාලිකා ‘කිරලා‘ වන්නම සහ ජ්‍යෙෂ්ඨ ඒකල බාලිකා පහතරට ‘ශුද්ධ මාත්‍රය‘ යන තරගවලින් හතරලියද්ද ටී.බී.ඉලංගරත්න ජාතික පාසලේ නර්තන කණ්ඩායමට ප්‍රථම ස්ථානය හිමිවිය.
මෙම නර්තන කණ්ඩායම පුහුණු කරන ලද ගුරු මෑණිවරුන් දෙදෙනා සහ ජයග්‍රහණය ලද බාලිකා වන් කණ්ඩායම ඡායාරූපවලින් දැක්වේ.
ගලගෙදර සමූහ – බණ්ඩාර කේ. සමරතුංග