නාත්තන්ඩිය තුම්මෝදර පාරු ඇළ මාර්ගයේ කසළ දමන පිරිසට අපූරු පාඩමක් ඉගැන්වීමට ප්රදේශයේ පරිසරයට හිතැති කණ්ඩායමක් අපූරු වැකි සටහන් සහිත පුවරු මාර්ග අසල ගස්වල ප්රදර්ශනය කිරීමට කටයුතු කර ඇති ආකාරය දැක ගත හැකිය.
නාත්තන්ඩිය සිට දංකොටුවට ගමන් ගන්නා තුම්මෝදර මාර්ගය එසේ නැත්නම් පාරු ඇළ මාර්ගය දෙපස මෙලෙස කසළ දැමීමට පැමිණෙන පිරිසට ඇ හිරිගඩු පිපෙන ආකාරයට වදන් සඳහන් පුවරු මෙලෙස ප්රදර්ශනය කිරීමට කටයුතු කිරීම කසළ රැගෙන විත් දැමීමට සැරසෙන පිරිසට පමණක් නොව එම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකුගේ විමතියටද හේතු වී තිබේ.
මෙම තුම්මෝදර පාරු ඇළ මාර්ගය පසුගිය කාලය පුරාම විවිධ පිරිසකගේ කැළි කසළ බැහැර කිරීමේ ස්ථානයක් බවට පත්ව තිබූ බවත් පසුව පරිසර හිතකාමි පිරිස් හා ජනතාව එක්ව ඒවා ඉවත් කර මෙලෙස ‘පාරේ කුණු දාන මගේ අත කුණු වේවා!’, ‘පාරේ කුණු දාන මාව ලබන ආත්මයේ කබරයෙකු වේවා!’, ‘පරිසරය පිරිසිදුව තබා ගැනීමට උදවු නොකරන මට හෙණ ගහනවා’, ‘පාරේ කුණු දාලා දරුවන්ට හෙණ ඉල්ලන්න එපා’, වැනි වදන් සටහන් පුවරු ගස්වල එල්ලා ප්රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
කෙසේ නමුත් මෙම පුවරුවල කිසිදු පරිසර සංවිධානයක් හෝ වෙනත් ආයතනයක නමක් සටහන් කර නොතිබීම විශේෂිතය.
කෙසේ නමුත් මෙම පුවරු හේතුවෙන් කසළ බැහැර කිරීම මේ වන විට නැවතී ඇති බව අවට ජනතාව පවසති.
පුත්තලම අතිරේක
හිරාන් ප්රියංකර ජයසිංහ