අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විශිෂ්ට අධ්‍යාපන වැඩසටහනක්වන ජාත්‍යන්තර භාෂා ඉගෙනුම් වැඩසටහනේ සහතිකපත් සහ පදක්කම් ප්‍රදානය පසුගියදා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
‘ස්වාමි විවේකාන්ද’ කලා ආයතනයේ මහාචාර්ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යකෂක අන්කුරන් දත්තා මහතා ඇතුළු දෙස් විදෙස් නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණ.
මෙහි දී විදේශ භාෂා අධ්‍යයනය හැදෑරු සිසුන්ට පදක්කම් සහ සහතික ප්‍රදානය කිරීම සහ විද්‍යාලයීය පුස්තකාලය සඳහා ඉතා වටිනා පොත් රාශියක් පරිත්‍යාග කිරීම මහාචාර්යවරයා අතින් සිදු කෙරිණ.
විදේශ භාෂා ඉගෙනීම තුළින් සිසුන්ගේ අධ්‍යාපනික ජීවිතය වඩාත් හොඳින් ජය ගත හැකි බව ස්වාමි විවේකාන්ද කලා ආයතනයේ මහාචාර්ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂක අන්කුරන් දත්තා මහතා මෙහිදී සඳහන් කළේය. එය අනාගත රැකියා වෙළෙඳපොළේ දී ඉතා වැදගත් සාධකයක් වන බවත් ලබන වසරේ දී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කුසුම් තිලක් මහතා ඇතුළු දෙස් විදෙස් නිලධාරින් රැසක් සහභාගි වූහ.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ