77
මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතා සහ හම්බන්තොට – ඉන්දිය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා අතර හමුවක් පෙරේදා (28) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු විය. මෙහිදී සංස්කෘතික වැඩසටහන්, සංවර්ධන වැඩසටහන් ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ විවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක නිරත වූහ.
කොන්සල් ජනරාල්තුමන් විසින් මාතර මහ දිසාපතිතුමාට සැබෑ රන් පත්‍ර සහ විචිත්‍රවත් වර්ණවලින්වලින් සැදි සාම්ප්‍රදායික මෝස්තරයකින් සරසා ඇති විශිෂ්ට කිරිගරුඬ නිර්මාණයක් ප්‍රදානය කරන ලදි. දිසාපතිතුමා විසින් කොන්සල් ජනරාල්තුමන් වෙත ද තිළිණ ප්‍රදානයක් ද සිදු විය.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු