91
හොරණ, කහටපිටිය ප්‍රදේශයේ ඉදිකරන ලද වසර 100ක් පමණ පැරණි පොදු නාන ළිඳ පිළිසකර කර දෙන්නේ කවදාදැයි ජනතාව විමසා සිටිති.
අඩි18 ක් පමණ දිගින් හා පළලින් යුතු කිසිදා නොසිඳෙන මෙම පිං පොකුණ හතර වටේටම විශාල පිරිසකට එකවර ස්නානය කිරීමට හැකියාව ඇති අයුරින් ඉදිකර ඇති අතර මේ වන විට එහි වටේ සිමෙන්ති දිරාපත්ව අපිරිසිදු ජලය ළිඳ තුළට ගලා යන බව ඔවුහු පවසති.
ගම්වැසියන් එකතුව ළිඳ අවට ශුද්ධ පවිත්‍ර කර දෙකදුවල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇති අතර මේ පිළිබඳව ඉක්මනින් අවධානය යොමු කරන ලෙසට ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.
හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ