Home » පුත්තලම දිස්ත්‍රික් කලා අංශ මුල් තැන කල්පිටිය ශාන්ත ආනා විදුහලේ තාරුකට

පුත්තලම දිස්ත්‍රික් කලා අංශ මුල් තැන කල්පිටිය ශාන්ත ආනා විදුහලේ තාරුකට

by sachintha
April 30, 2025 1:49 am 0 comment

අපොස උසස් පෙළ 2024 විභාග ප්‍රතිඵල අනුව කලා විෂය ධාරාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ අට වැනි ස්ථානයත්, කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රථම ස්ථානයත් දිනාගෙන ඇත්තේ කල්පිටිය තලවිල ශාන්ත ආනා මහා විදුහලේ වර්ණකුලසූරිය තාරුක දිල්ශාන් ප්‍රනාන්දු සිසුවාය.

දුෂ්කර අධ්‍යාපන කොට්ඨාසයක් වන කල්පිටිය කොට්ඨාසයෙන් අ.පො.ස. උසස් පෙළ දිස්ත්‍රික් ජයග්‍රහණයක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙයයි. සිංහල, දේශපාලන විද්‍යාව සහ සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යනය සඳහා ඒ සාමාර්ථ තුනක් ලබා ගනිමින් එම සිසුවා මෙම ජයග්‍රහණය වාර්තා කොට ඇත. කල්පිටිය කන්ද කුඩාව පදිංචි මෙම සිසුවා සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත පවුලේ දෙවැනියායි. තලවිල ශාන්ත ආනා විදුහලේ විදුහල්පති ඈන් නිශාන්ති හිපෝලිට් මහත්මිය සමග සිසුවා ඡායාරූපයකට එක්වූ අයුරු.

කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT