Home » ලහිරු උදාරගෙන් අඩුඩාබියේදී ශතකයක්

ලහිරු උදාරගෙන් අඩුඩාබියේදී ශතකයක්

by sachintha
April 30, 2025 12:29 am 0 comment

ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමඟ ඊයේ ආරම්භ වූ එකම සිවුදින නිල නොවන ටෙස්ට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට ළහිරු උදාර සමත් විය.

මේ හේතුවෙන් අබුඩාබියේ සෙයිඩ් පිටියේ පැවැත්වෙන තරගය ඊයේ පළමු දිනයට නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් දැවී ලකුණු 345ක් රැස් කර ගෙන සිටියේය.

දිනය නිමා වන විට සොනාල් දිනූෂ ලකුණු 64ක් සහ ඉසිත විජේසුන්දර ලකුණු 8ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ළහිරු උදාර පළමු කඩුල්ලට කමිල් මිෂාර සමඟ එක්ව ලකුණු 92ක සබඳතාවක් ගොඩනැඟූ අතර, මිෂාර ලකුණු 35කට දැවී ගියේය. අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු (17) සහ නායක පසිඳු සූරියබණ්ඩාර (11) සමඟ එක්ව ඉනිම ගොඩනැඟූ උදාර සිවුවැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 107ක් රැස් කර තිබුණේ පන්දු 138කදී හතරේ පහර 14ක් සමඟිනි. සදීර සමරවික්‍රම ලකුණු 44ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී බෂීර් අහමඩ් කඩුලු 3ක් සහ සියාඋර් රහ්මාන් කඩුලු 2ක් බිඳ දැම්මේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 345/8 (ඕවර 88) ළහිරු උදාර 109, සොනාල් දිනූෂ නොදැවී 64, සදීර සමරවික්‍රම 44, කමිල් මිෂාර 35 (බෂීර් අහමඩ් 67/3, සියාඋර් රහ්මාන් 59/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT