ඉදිරි පැය 36 ඇතුළත පාකිස්තානයට ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු මඟින් අනාවරණය වී ඇතැයි පාකිස්තානයේ ජනමාධ්‍ය ඇමැති අතාවුල්ලා ටරූරු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් පාකිස්තාන ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. සියලු ආකාරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පාකිස්තානය විසින් නිරන්තරයෙන්ම හෙළා දකින බවට ප්‍රකාශ නිකුත් කළද, සිය රට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වී ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගියදා ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් පාකිස්තානය දේශසීමා ත්‍රස්තවාදයට සහය දෙන බවට ඉන්දියාව චෝදනා කර තිබේ. කෙසේ වුවද එවැනි ඕනෑම ආක්‍රමණයකදී පාකිස්තානය දැඩි ප්‍රතිචාර දක්වන බව ද පාකිස්තාන ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ. පාකිස්තාන ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව ද වාර්තා වේ.