කාශ්මීර ප්‍රහාරය මුල් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වූ අර්බුදය මැද ඉන්දීය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමට පාකිස්තානය පියවර ගැනීමෙන් මාසිකව රුපියල් කෝටි 307ක අතිරේක වියදමක් දැරීමට ඉන්දියාවට සිදුවනු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් ඉන්දීය ගුවන්යානාවලට සිය ගමනාන්ත සඳහා විකල්ප භාවිත කිරීමට සිදුවීමෙන් ගුවන් කාලය දීර්ඝ වනු ඇතැයි ද, ගුවන් ඉන්ධන භාවිතය ඉහළ යනු ඇතැයි ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මේ තත්ත්වය මත ජාත්‍යන්තර ගුවන් යානා සඳහා ඉන්දියාවට රුපියල් කෝටි 77ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
පාකිස්තානය විසින් ඉන්දිය ගුවන් යානාවලට සිය ගුවන් සීමාව වසා දැමීමෙන් නවදිල්ලි නුවර සිට උතුරු ඉන්දියාව බලා විකල්ප මාර්ග ඔස්සේ පියාසර කරන ගුවන්යානාවලට පැය එකහමාරක අතිරේක කාලයක් වැය වනු ඇතැයි ද, උතුරු අමෙරිකාව බලා පියාසර කරන ඉන්දීය ගුවන්යානාවලට සාමාන්‍යයෙන් ගත වන පැය 16ක කාලය ද පැය එකහමාරකින් පමණ දීර්ඝ වනු ඇතැයි ද වාර්තා වේ. පැය එකහමාරක අතිරේක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 29ක් වැය වන බව ඉන්දීය ගුවන් සේවා නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.