Home » හවුති කැරැලිකරුවන්ට බ්‍රිතාන්‍ය හමුදාවත් ගුවනින් පහර දෙයි

හවුති කැරැලිකරුවන්ට බ්‍රිතාන්‍ය හමුදාවත් ගුවනින් පහර දෙයි

by sachintha
May 1, 2025 1:00 am 0 comment

යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ ඉලක්ක වෙත බ්‍රිතාන්‍ය හමුදාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධීපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය ආරම්භ කිරිමෙන් පසු බ්‍රිතාන්‍ය හමුදාවෙන් හවුති කැරලිකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකානු හමුදාව සමඟ ඒකාබද්ධව රාජකීය ගුවන් හමුදාවේ ටයිපූන් ප්‍රහාරක ජෙට් යානා හවුති කැරැලිකරුවන්ගේ ගොඩනැඟිලි රැසකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ගොඩනැඟිලි හවුති කැරැලිකරුවන් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරනු ලබන ස්ථාන ලෙස පවත්වාගෙන ගිය බවත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

හවුති කැරැලිකරුවන් රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට පහර දීම ආරම්භ කළ 2023 නොවැම්බරයේ සිට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යේමනයට ප්‍රතිචාර දක්වමින් සිටින අතර, යේමනයේ අල් මසිරා රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් හවුති කැරැලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය දරුණු ප්‍රතිචාර බලාපොරොත්තු විය යුතු බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT