Home » උතුරු චීනයේ අවන්හලක ගින්නකින් 22ක් මරුට

උතුරු චීනයේ අවන්හලක ගින්නකින් 22ක් මරුට

by sachintha
May 1, 2025 1:54 am 0 comment

උතුරු චීනයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා දහවල් මේ ගින්න හටගෙන ඇති අතර, එය ගෑස් පිපිරීමකින් හෝ ගිනි තැබීමකින් සිදු වූවාක් නොවන බව මූලික විමර්ශනයේදී හෙළි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ගින්න හටගෙන ඇත්තේ බීජිං අගනුවරට කිලෝමීටර් 360ක් දුරින් පිහිටි ලියෝනිං ප්‍රාන්තයේ ලියෝවැං නගරයේ අවන්හලක බවත්, අධික සුළං තත්ත්වය හේතුවෙන් අවන්හල පුරා එය පැතිරී ගොස් ඇති බවත් වාර්තා වේ.

අවන්හලේ ප්‍රධාන දොරටුව අසල ගින්න හටගෙන ඇති අතර, පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පිටවීමේ හදිසි දොරටුවක් එහි නොතිබීම හේතුවෙන් බව ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගින්න හටගැනීමට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවන බවත්, මේ වන විට අවන්හලේ කළමනාකරු රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත් ප්‍රාන්ත පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT