Home » වසර 35කට පසු යාපනය-පලාලි පාරට ලංගම බසයක්

වසර 35කට පසු යාපනය-පලාලි පාරට ලංගම බසයක්

by sachintha
May 1, 2025 1:19 am 0 comment

යුදමය තත්ත්වය හේතුවෙන් කාලයක් වසා දමා තිබූ යාපනය – පලාලි මාර්ගයේ වසර 35කට පසු පෙරේදා (29) සිට මගී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථයක් යොදවනු ලැබීය.

මෙම මාර්ගයේ වාසවිලාන් හන්දියේ සිට කිලෝ මීටර් 4ක් දුර ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේම වසා දමා තිබිණි. එම කොටස පසුගිය මාසයේදී මහජනතාව සදහා යළි විවෘත වීමෙන් පසුව මෙලෙස ලංගම බස් රථ ධාවානය ආරම්භ කෙරිණි.

මාර්ග අංක 749 ලෙස ආලන්කුලායි හරහා තෙලිප්පන් මාර්ගයේ ද බස් රථයක් ධාවනය කිරීමට ද ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඉදිරියේදී මෙවැනි මාර්ග ගණනාවක බස් රථ නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ මහතා පැවසීය.

නව බස් රථ ධාවනය කෙරුණු අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බවානන්දරාජා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ ගමනාගමන මණ්ඩල සේවකයන් මහජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT