Home » නැසීගිය පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් සොයාගනී

නැසීගිය පොලිස්පතිවරයකුගේ ඉඩමකින් ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් සොයාගනී

by sachintha
May 1, 2025 1:29 am 0 comment

විශ්‍රාමික පොලිස්පතිවරයෙක් වූ නැසීගිය වික්ටර් පෙරේරා මහතාට අයත්ව තිබූ වරකාගොඩ නාහල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා භාවිත කරන මිනි උෂී වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව වරකාගොඩ පොලීසිය පවසයි.

නාහල්ල, කටුහේන, ගාලබැදිහේන ප්‍රදේශයේ රඹුටන් සහ පොල් වගා කළ අක්කර 22ක පමණ විශාල ඉඩමක මිනි උෂී වර්ගයේ ගිනි අවියක් සඟවා ඇති බවට තෙබුවන පොලීසියේ සැරයන්වරයාට ලද තොරතුරක් මත වරකාගොඩ පොලීසියේ ස්ථානාධිපතිගේ සහාය ඇතිව කළ මෙහෙයුමකදී තුඹසක් තුළ සඟවා තිබූ ගිනි අවිය සහ පතරොම් ගැබ සොයාගෙන තිබේ.

මිනි උෂී වර්ගයේ ගිනි අවි භාවිත කරනුයේ යුද හමුදා කමාන්ඩෝ, විශේෂ බළකා සහ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීවලට පමණක් බව ද පොලීසිය සඳහන් කරයි.

වික්ටර් පෙරේරා මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස ද සේවයේ නිරතව සිටියේය.

මෙම ගිනි අවිය එකල ප්‍රභූ ආරක්ෂාවට නිකුත් කර තිබූවක්දැයි එහි අංකය ඔස්සේ පරීක්ෂා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාණදුර සංචාරක

සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT