මේ දිනවල ලංකාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳ වන මූලික සාකච්ඡාවක් ඊයේ (30) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් බස්නාහිර පළාතෙන් චිකුන්ගුන්යා සහ ඩෙංගු උවදුර තුරන් කිරීම වෙනුවෙන් “War on Dengue” යන මැයෙන් කාර්යසාධක බළකායක් පිහිට වූ අතර එම කාර්යසාධක බළකායේ සභාපතිවරයා වශයෙන් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.ඒ කළුකපුආරච්චි මහතා පත් කළේය.
චිකුන්ගුන්යා සහ ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳ සහ එම රෝග තත්ත්වයන් අවම කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මේ වෙනුවෙන් ගතහැකි සියලු පියවර ගන්නා බවයි.
මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, බස්නාහිර පාළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීහු ද එක්ව සිටියහ.
නෙරංජලා වික්‍රමසිංහ