Saturday, May 3, 2025
Home » වැඩබලන නීතිපති සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න

වැඩබලන නීතිපති සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න

by sachintha
May 1, 2025 1:18 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ.

නීතිපති පාරින්ද රණසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් එම ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා මෙම පත්කිරීම සිදු කර ඇත.

ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සොලිසිටර් ජනරාල් ධුරයට පත්වීමට පෙර ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු 1993 වසරේ ජනවාරි මාසයේදී අධිනීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධව ඇත. ජනාධිපතිවරයා විසින් 2018 වසරේ මැයි මසදී ඔහු ජනාධිපති නීතිඥවරයකු ලෙස පත් කළේය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT