ආර්ථික වර්ධනයේ ප්‍රධාන කුලුනක් ලෙස ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයේ වේගවත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ 81 වන ESCAP කොමිෂන් සභා සැසිවාරයේදී ප්‍රකාශ කර තිබේ.
Òබෙංගාල බොක්ක කලාපයේ තිරසර සංවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කර ගැනීමÓ යන තේමාව යටතේ පැවති 81 වන ESCAP කොමිෂන් සභා සැසිවාරයේ BIMSTEC – ESCAP අතුරු වැඩසටහනට එක්වෙමින් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි සහ ආසියා පැසිෆික් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත විජයන්ති එදිරිසිංහ මහත්මිය සඳහන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
BIMSTEC ලේකම් කාර්යාලය සමඟ එක්ව ESCAP හි දකුණු සහ නිරිතදිග ආසියාව සඳහා වන උප කලාපීය කාර්යාලය විසින් මෙය සංවිධාන කර තිබෙන අතර මෙය ප්‍රතිපත්ති සම්පාදකයින්, විශේෂඥයින් සහ කර්මාන්ත නායකයින් සඳහා බෙංගාල බොක්ක කලාපය ඇතුළත් සහ තිරසර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල්කරණය උපයෝගී කර ගැනීම සම්බන්ධ උපායමාර්ග ගවේෂණය කිරීම සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරයි.
එම රැස්වීම අමතමින් ශ්‍රී ලංකා තානාපතිනිය, ජාතික සංවර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණයන් උපයෝගී කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන අතර දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අවස්ථාවන් ඉස්මතු කරමින්, ඩිජිටල් සම්බන්ධතාව සහ තාක්ෂණයේ උපායමාර්ගික භාවිතය, වෙළෙඳ හා ආර්ථික පිරිවැය අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද අවධාරණය කර ඇත.
ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මුලපිරීම් පිළිබඳ ඒ මහත්මිය කරුණු දක්වා තිබෙන අතර, ආර්ථික වර්ධනයේ ප්‍රධාන කුලුනක් ලෙස මෙරට ඩිජිටල් ආර්ථිකයේ වේගවත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන බවද සඳහන් කර තිබේ.
පුළුල් බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාප්තිය, 5G ජාලවල ප්‍රගතිශීලි යෙදවීම සහ කලාපීය මූල්‍ය හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත කොළඹ වරාය නගරය වැනි සන්ධිස්ථාන ව්‍යාපෘති මඟින් මෙහෙයවනු ලබන, 2030 වනවිට දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඩිජිටල් ආර්ථිකය බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය පිළිබඳ විජයන්ති එදිරිසිංහ මහත්මිය පැහැදිලි කර ඇත.
විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය; මහජන සෞඛ්‍යය සහ මානව සම්පත් සංවර්ධනය යන BIMSTEC අංශ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නියෝජිතවරිය ලෙස අදහස් දක්වමින් තානාපතිවරිය, මෙම ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත තහවුරු කර තිබේ. BIMSTEC සහ UNESCAP සමඟ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ වෙෙළඳ පහසුකම් සැපයීමේ ඉලක්ක සැලකිය යුතු ලෙස ශක්තිමත් කළ හැකි බවත්, කලාපීය ආර්ථික ඒකාබද්ධතාවට සහ තිරසර සංවර්ධනයට අර්ථවත් ලෙස දායක විය හැකි බවත් තානාපතිවරිය අවධාරණය කර ඇත.
මේ අතර බෙංගාල බොක්ක කලාපය පුරා ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ සියලු දෙනා ඇතුළත් වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී ඩිජිටල්කරණයේ තීරණාත්මක කාර්යභාරය මෙම රැස්වීමේ දී පෙන්වා දී තිබේ.
මහින්ද අලුත්ගෙදර