Home » කෙන්යාවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උලෙළ

කෙන්යාවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උලෙළ

by sachintha
May 1, 2025 1:00 am 0 comment

කෙන්යාවේ ශ්‍රී ලාංකික සංගමයේ අවුරුදු උලෙළේ කණ්ඩායම් තරග ජයග්‍රාහකයෝ

කෙන්යාවේ ශ්‍රී ලාංකික සංගමය පසුගියදා නයිරෝබි සීක් සමාජ ශාලාවේදී අතිවිශිෂ්ට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය. මෙම වර්ණවත් අවුරුදු උත්සවයට කෙන්යාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්, වෘත්තිකයන් සහ විදේශිකයන් 500කට අධික සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

කෙන්යාවේ ශ්‍රී ලාංකික සංගම‍යේ සභාපති ලසිත පෙරේරා මහතා මෙහිදී සංස්කෘතික සබඳතා ආරක්ෂා කිරීමේ සහ විදේශයන්හි එකමුතුකම පෝෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

කෙන්යාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් කනා කනනාදන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්වූ අතර, සාම්ප්‍රදායික බෙර වාදනය, විචිත්‍රවත් නර්තන සංදර්ශන සහ සංස්කෘතික සංදර්ශනයකින් උත්සවය අවසන් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT