Home » නුවර වැවේ කසළ නාවික හමුදාවෙන් ගොඩගනී

නුවර වැවේ කසළ නාවික හමුදාවෙන් ගොඩගනී

by sachintha
May 1, 2025 1:33 am 0 comment

“සිරි දළදා වන්දනාවෙන්” අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් සංවිධාන කල නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා එක්වූ නාවික හමුදාව සෙසු කණ්ඩායම් සමඟ එක්ව නුවර වැවේ තිබුණු කසළ විශාල ප්‍රමාණයක් ගොඩ ගෙන තිබේ.

දළදා වන්දනාවෙන් පසු වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් විසින් නුවර වැව පරිශ්‍රයට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළි කසළ ඉවත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීමේ අරමුණෙන් පසුගිය 28 දා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධාන කර තිබිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වාරිමාර්ග හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහජනතාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නුවර වැවෙහි ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැඳී තිබීම හේතුවෙන් ජල මූලාශ්‍රවලට මෙන්ම ජලජ ජීවීන්ටද ඇතිවිය හැකි තර්ජනය වැලැක්වීම සඳහා මෙලෙස මෙම ප්‍රජා සත්කාරය සිදුකෙරිණි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්ථයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය හා අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව ක්‍රියාත්මක වන මෙවැනි ජාතික ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරන්තර දායකත්වය ලබා දීම මෙලෙස සිදුකරනු ලබයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT