35
තලවකැලේ ලිඳුල මෙරායා වතුයාය හරහා අධික වර්ෂාවත් සමඟ ඊයේ (29) පස්වරුවේ හමා ගිය දැඩි සුළඟකින් වතු නිවාස පෙළක් මතට ගසක් කඩා වැටී එක් නිවසකට දැඩි ලෙස හානි සිදු වී ඇති බව ලිඳුල පොලීසිය පැවසීය.මේ දිනවල නුවරඑළිය,නානුඔය,තලවකැලේ සහ ලිඳුල ප්‍රදේශවලට දිනපතා පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වන අතර,එම වර්ෂාවත් සමඟ ලිඳුල ප්‍රදේශය හරහා දැඩි සුළඟක් හමා ගිය බව වතු කම්කරුවෝ කියති.
වතු නිවාස පෙළ අසල තිබූ විශාල යූ කැලිප්ටිස් වර්ගයේ ගසක් මුලින්ම ඉදිරී වතු නිවාස මතට වැටී ඇති බවත්,ඉන් කිසිවකුටත් තුවාල සිදු වී නැති බවත්,නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති බව ලිඳුල පොලිසිය පවසයි.
නෝර්වුඩ් සමූහ- රංජිත් රාජපක්ෂ සහ හැටන් මධ්‍යම සමූහ