වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඍජු හා වක්‍ර බලපෑමකට ලක්ව ඇති වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන මෙන් ඉල්ලා සිටින බව මැයි දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
විපක්ෂ නායකවරයාගේ මැයි දින පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වනුයේ වැඩ කරන ජනතාවයි. වර්තමානයේ ලෝකයේ ආර්ථික ප්රවණතා හමුවේ රටක කම්කරු පන්තියේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ නව මානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. ඒ සඳහා වැඩ කරන ජනතාව දැනුම්වත් කිරීම සහ පෙළගැස්වීම කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරයේ අත්නොහල යුතු වගකීමක් බව මාගේ විශ්වාසයයි. ගෝලීය වෙළෙඳපොළ තුළ මතුව ඇති වෙළෙඳ යුද්ධයේදී ඍජු හා වක්‍ර බලපෑමට ද ලක් වූයේ වැඩ කරන ජනතාවයි. මෙය අභියෝගයක් ලෙස සලකා විසඳුම් සෙවීමට වහාම උත්සුක විය යුතුය. එහිදී හුදෙකලා දුප්පත් මානසිකත්වයෙන් මිදී ගෝලීය ස්ථායීකරණයකට දායක වීමට කටයුතු කිරීම වැදගත් වේ.